July 05, 2024

පිපිරීමකින් තුවාල ලැබූ දරුවා රෝහලට

කටුගස්තොට ප්‍රදේශයේ මහවැලි ගඟේ නාන තොටුපළක දී සිදු වූ සුළු පිපුරුමකින් කුඩා දරුවෙකු තුවාල ලබා රොහල් ගතකර තිබේ.

පොල්ගොල්ල, වත්තේගම ප්‍රදේශයේ දී අද (01) උදෑසන සිදුව ඇති මෙම අනතුරින් තුවාල ලබා ඇත්තේ වයස අවුරුදු 12ක පිරිමි දරුවෙකි.

සිය මව සමග තොටුපළේ දියනෑමට ගිය අවස්ථාවේ එම ළමයා අනතුරට ලක්ව ඇති බව සඳහන් වේ.

තොටුපළ ආසන්නයේ තිබූ පදුරකට ළමයා විසින් ගිනි තබා ඇති අතර එහිදී පදුර තුළ තිබූ යම්කිසි දෙයක් පුපුරාගොස් ඇති බව කටුගස්තොට පොලිසිය සඳහන් කරයි.

ඉන් සුළු තුවාල ලැබූ ළමයා ප්‍රතිකාර සඳහා මහනුවර මහ රෝහලට ඇතුළත් කර ඇත.

පිපිරීමට හේතුව කුමක්දැයි මෙතෙක් නිෂ්චිතව හඳුනාගෙන නොමැති අතර පොලීසිය සැකපළ කරන්නේ පැරා වර්ගයේ අවියක් පිපිරීමෙන් මෙම අනතුර සිදුවන්නට ඇති බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් කටුගස්තොට පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

 

Rate this item
(0 votes)
Last modified on Friday, 01 July 2016 16:49