May 20, 2024

ඉන්දු - ලංකා ධීවර සාකච්ඡාව 13 වැනිදා 

ඉන්දු - ලංකා ධීවර සාකච්ඡාව 13 වැනිදා පෙරවරු 09.30 ට කිංසි  මාවතේ පිහිටි සෙඩෙක් ආයතනයේ දී පැවැත්වෙන බව ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශයේ මාධ්‍ය ලේකම් නරේන්ද්‍ර රාජපක්ෂ මහතා ඒෂියන් මිරර් වෙබ් අඩවියට පැවසීය.

මෙම සාකච්ඡාවට සහභාගීවන ලෙස ඉන්දියාවේ පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය හරහා ජයලලිතා ජයරාම් මහත්මියට දැනුම් දී ඇති බවත් මේවන විට තමිල්නාඩුවේ උසස් නිලධාරීන් පිරිසක් එයට සහභාගිවන බවට දැනුම් දී ඇති බවත් මාධ්‍ය ලේකම්වරයා සඳහන් කරයි.

කෙසේ නමුත් අත්අඩංගුවේ සිටින තමිල්නාඩු ධීවරයින් පිරිස නිදහස් කරන තුරු අදාල ධීවර සාකච්ඡාවට සහභාගි නොවන ලෙස මීට ඉහත දී ජයලලිතා ජයරාම් මහත්මියට ඉන්දීය මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබුණි.

Rate this item
(0 votes)