July 05, 2024

ඉඹුල්ගොඩ ගින්නෙන් ගමනාගමනයට බාධා

ඊයේ (24) රාත්‍රියේ ඉඹුල්ගොඩ ප්‍රදේශයේ නුවර මාර්ගය අසල පිහිටි වාහන අමතර කොටස් විකුණුම් වෙළඳසැලක හදිසි ගින්නක් හටගෙන තිබේ.

වාර්තා වන අන්දමට ඇති වූ ගින්න හේතුවෙන් එම වෙළඳසැල සම්පූර්ණයෙන්ම විනාශ වී ඇත.

මේ වන විටත් ගින්න පවතින අතර අදාළ වෙළඳසැල අසල පිහිටි ලී බඩු අළෙවි සැලකට හා නිවසකට ද එය පැතිරීමේ අවධානමක් අැති බව ප්‍රදේශවාසීන් ප්‍රකාශ කරයි.

ගින්න හේතුවෙන් මහා මාර්ගයේ වාහන ගමනාගමනයට ද බාධා එල්ල වී ඇති අතර ගින්නට හේතුව මෙතෙක් සොයාගෙන නොමැත.

Rate this item
(0 votes)
Last modified on Saturday, 25 June 2016 11:17