May 12, 2024

සිව් දෙනෙකුට මරණ දඬුවම හිමිවෙයි

අම්පාර, නින්දවූර් ප්‍රදේශයේ පුද්ගලයින් සිව් දෙනෙකුට අද (22) දින මරණ දණ්ඩනය නියම වී තිබේ.

කල්මුණේ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා විසින් මෙම නියෝගය ලබා දී ඇත්තේ අම්පාර, නින්දවූර් ප්‍රදේශයේ සිදුවූ පුද්ගල ඝාතනයකට වරදකරුවන් වූ පුද්ගලයින් 04 දෙනෙකුටය.

පසුගිය 2009 වසරේ ජුනි මාසයේ 18වන දින අදාළ පුද්ගලයින් සිව් දෙනා විසින් එම ප්‍රදේශයේම පදිංචිකරුවෙක් වූ ආදම්බාවා මෙහොමඩ් මහමුද් නමැති පුද්ගලයා පොලුවලින් පහර දී ඝාතනය කොට තිබේ.

ඒ අනුව වසර 07ක් පුරා විභාග වී ඇති නඩුවේ අවසාන තීන්දුව අද දිනයේ ප්‍රකාශයට පත් කොට ඇත.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 22 June 2016 16:32