May 14, 2024

වව්නියාවේදී කෝටිපතියෙකු පැහැර ගැනේ

ඊයේ (21) වව්නියාව ප්‍රදේශයේ දී කෝටිපති ව්‍යාපාරිකයෙකු පැහැර ගැනීමට ලක්ව තිබේ.

අදාළ ව්‍යාපාරිකයා යතුරුපැදියකින් තම නිවස බළා යමින් සිටි අතරතුර වව්නියාව, හොරොව්පතාන මාර්ගයේ දී මෙම පැහැරගැනීම සිදුව ඇති බව පොලීසිය සඳහන් කරයි.

ශන්මුගම් සෙල්වරාසා නමැති මොහු වව්නියාව නගරයේ ව්‍යාපාරික ස්ථානයක් පවත්වාගෙන යනු ලබන පුද්ගලයෙකි.

වෑන් රථයකින් ඔහු පැහැරගෙන ගොස් ඇති බවට වව්නියාව පොලීසියට තොරතුරු ලැබී ඇති අතර පොලීසිය සිදුකළ මූලික විමර්ශන වලදී පැහැරගැනීම සිදුවූ බව කියන ස්ථානයේ තිබී ව්‍යාපාරිකයාගේ යතුරුපැදිය සොයාගෙන තිබේ.

එමෙන්ම ඔහුගේ ජංගම දුරකථනය, පාවහන් සහ උපැස් යුවලේ කොටසක් ද එම ස්ථානයේ තිබී සොයාගත් බව පොලීසිය සඳහන් කළේය.

වව්නියාව නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ සහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වසන්ත වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත වව්නියාව මූලස්ථාන පොලිස් පරීක්ෂණ ඩබ්ලිව්.ඒ.සෝමරත්න මහතා ඇතුළු කණ්ඩායමක් අංශ කිහිපයක් ඔස්සේ මේ පිළිබද විමර්ශන ආරම්භ කර ඇති බව සඳහන් වේ.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 22 June 2016 11:53