July 05, 2024

පාර්ලිමේන්තු මන්ත්‍ර‍ිනියකගේ රියට කතක් බිලිවෙයි

එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රිනි ශ්‍රියානි විජේවික්‍රම මහත්මිය ගමන් ගත් මෝටර් රථයේ ගැටීමෙන් පදික කාන්තාවක් මියගොස් ඇති බව වාර්තා වේ.

අම්පාර පොලීසිය සඳහන් කළේ ඊයේ (17) රාත්‍රියේ අම්පාර නගරයේ දී මෙම අනතුර සිදුව ඇති බවයි.

අනතුරින් තුවාල ලැබූ අදාළ කාන්තාව අම්පාර රෝහලට ඇතුලත් කිරිමෙන් අනතුරුව මියගොස් තිබේ.

වාර්තා වන අන්දමට මෙසේ මියගොස් ඇත්තේ 66 හැවිරිදි කාන්තාවකි.‍

අනතුර සම්බන්ධයෙන් ශ්‍රීයානි විජේවික්‍රම මහත්මියගේ මෝටර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර අම්පාර පොලිසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන මෙහෙයවයි.

Rate this item
(0 votes)
Last modified on Saturday, 18 June 2016 12:32