July 05, 2024

හැටන් - කොළඹ මාර්ගය එක් මංතීරුවකට සීමාවෙයි (PHOTOS)

හැටන් - කොළඹ A7 ප්‍රධාන මාර්ගයේ වටවල සිංහල මහ විද්‍යාලයට ආසන්න ස්ථානයක ගමනාගමන කටයුතු අද (14) උදෑසන සිට එක් මංතීරුවකට පමණක් සීමා කළ බව වටවල පොලීසිය සඳහන් කරයි.

අදාළ ස්ථානයේ ප්‍රධාන මාර්ගයේ ඇති ජලය ගලා බසින බෝක්කුවක පැති බැම්මේ ආරක්ෂිත ගල් වැටිය ගැලවී යාම හේතුවෙන් එම ස්ථානයේ රථවාහන ධාවනය එක් මංතීරුවකට පමණක් සීමා කිරීමට තීරණය කළ බව පොලීසිය කියාසිටී.

අඛණ්ඩව ලැබුණු වර්ෂාවත් සමඟ එම ආරක්ෂිත බැම්මේ විශාල ගල් කිහිපයක් ගැලවී ඇති අතර තවත් ගල් කිහිපයක් ගැලවී යාමේ අවධානමක පවතින බව වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් වටවල පොලීසිය නෝර්වුඩ් මාර්ග සංවර්ධන අධිකාරී කාර්යාලයට දැනුම් දී තිබේ.

ඡායාරූප පහතින්.

හැටන් - රංජිත් රාජපක්ෂ

Rate this item
(0 votes)
Last modified on Tuesday, 14 June 2016 11:24