May 13, 2024

දියණිය මරා ගෙවත්තේ වළදැමූ මව අත්අඩංගුවට (PHOTOS)

අම්පාර ප්‍රදේශයේ මවක් සිය දියණිය ඝාතනය කොට තම ගෙවත්තේම වල දමා තිබියදී පොලීසිය විසින් සොයා ගෙන තිබේ.

පසුගිය 31 වෙනි දින රාත්‍රියේ මෙම ඝාතනය සිදු වී ඇති අතර අදාළ මව විසින් තම දියණිය ඝාතනය කොට ඇය ආගිය අතක් නැති බව පවසා අම්පාර මධ්‍යම කඳවුර පොලිස් ස්ථානයේ පැමිණිල්ලක් දමා ඇති බව වාර්තා වේ.

පසුව මධ්‍යම කඳවුර පොලිස් ස්ථානයේ නිළධාරීන් දින කිපයක් මේ පිළිබදව පරික්ෂණ පවත්වා ඇති අතර අදාළ කාන්තාවගේ නිවස පිහිටි ගෙවත්ත පරික්ෂා කිරිමේ දී සැක කටයුතු ස්ථානයක් අසලින් කුණු ගදක් වහනය වීම නිසා ඇගෙන් දිගින් දිගටම ඒ පිළිබඳව ප්‍රශ්ණ කර තිබේ.

ප්‍රශ්න කිරීමෙන් අනතුරුව අදාළ කාන්තාව පොලීසියට සියළු තොරතුරු සඳහන් කර ඇති අතර පොලිසිය විසින් සිද්ධිය පිළිබඳව කල්මුණේ මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරිමෙන් පසුව කල්මුණේ මහේස්ත්‍රාත් රසාක් මහතා සහ අම්පාර මහ රෝහලේ අධිකරණ වෛද්‍යය විශේෂඥ සදකැන් වඩුගේ මහතා ඉදිරියේ මෙම දේහය ගොඩගෙන පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා අම්පාර මහ රෝහලට යැවූ බව වාර්තා වේ.‍

මෙසේ මියගොස් ඇත්තේ කන්දසාමි ජනනි නැමැති එක්දරු මවක් වන අතර ඇයගේ ස්වාමි පුරුෂයා විදේශ ගතව සිටින බව පොලීසිය සඳහන් කරයි.

ඝාතනය සම්බන්ධයෙන් සැකපිට අදාළ දියණියගේ මව වන එම්. පහවදි නමැති 55හැවිරිදි කාන්තාව අත්අඩංගුවට ගෙන ඇත.

අම්පාර පොලීසිය සහ අම්පාර අපරාධ පරීක්ෂණ නිළධාරීන් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන මෙහෙයවයි.

ඡායාරූප පහතින්

අම්පාර - වසන්ත චන්ද්‍රපාල 

Rate this item
(0 votes)
Last modified on Friday, 03 June 2016 16:28