May 11, 2024

OICගේ දියණිය ඝාතනය කළ සැකකරු රිමාන්ඩ්

හොරොව්පතාන පොලිස් ස්ථානාධිපතිවරයාගේ  20 හැවිරිදි දියණිය පිහියකින් ඇන ඝාතනය කිරීම සහ ස්ථානාධිපතිවරයාගේ බිරිඳට තුවාල සිදු කිරීම යන චෝදනා මත අත්අඩංගුවට ගත් සැකකරු ජුනි මස 02වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත ඇතැයි වාර්තා වේ.

ඒ අද (27) අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුනවෙල මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුවය.

පලුගොල්ලෑව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන සැකකරු හොරොව්පතාන ස්ථානාධිපතිවරයාගේ මියගිය දියණියගේ සැමියා ය.

මෙම සිදුවීමෙන් තුවාල ලැබූ ස්ථානාධිපතිවරයාගේ බිරිඳ මේ වන විට අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන බව වාර්තා වේ.

පසුගිය 25වන දින මෙම අපරාධය සිදු කර පලා ගොස් සිටි සැකකරු වස පානය කර සිටිය දී ඊයේ (26) පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මේ වනවිට සැකකරු බන්ධනාගාර නිළධාරීන්ගේ ආරක්ෂාව යටතේ ගලෙන්බිඳුනුවැව රෝහලේ ප්‍රතිකාර ලබන බව ද වාර්තා වේ.

Rate this item
(0 votes)
Last modified on Friday, 27 May 2016 17:50