May 12, 2024

ඇඹිලිපිටිය හිටපු ASPගේ ඇප තීන්දුව 2වැනිදා

ඇඹිලිපිටිය ප්‍රදේශයේ සාදයක් අතරතුර දී මියගිය සුමිත් ප්‍රසන්න මහතාගේ මරණය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ඇඹිලිපිටිය හිටපු සහකාර පොලිස් අධිකාරී ඩී.ඩබ්ලිව්.සී.ධර්මරත්න මහතාට ඇප ලබාදීම සම්බන්ධව ඉදිරියේ දී සලකා බලන බව අධිකරණය විසින් ප්‍රකාශ කොට තිබේ.

ඒ සම්බන්ධ නඩු විභාගය ඊයේ (25) ඇඹිලිපිටිය පළාත්බද මහාධිකරණයේ දී සලකා බැලුණි.

එහිදී දෙපාර්ශවයටම කරුණු දැක්වීම සඳහා පැය 02ක කාලයක් ලබාදුන් අතර ඉදිරිපත් වු කරුණු සලකා බැලූ ඇඹිලිපිටිය පළාත්බද මහාධිකරණය මේ සම්බන්ධයෙන් වන තීන්දුව ජුනි මස 02 වන දින ප්‍රකාශයට පත් කරන බව සඳහන් කොට තිබේ.

මේ අතර සුමිත් ප්‍රසන්න මහතාගේ මරණයට අදාළ නඩු විභාගය ද ඊයේ ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණයේ දී සලකා බැලිණි.

එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඔවුන් සිදුකළ පරීක්ෂණ පිළිබඳ නව වාර්තා කිහිපයක් අධිකරණයට ඉදිරිපත් කළ බව වාර්තා වේ.

ඔහුගේ මරණය සම්බන්ධ එම නඩු විභාගය ද ලබන මස 8 වන දින දක්වා කල් තබන බව අධිකරණය දැනුම් දී තිබේ.

Rate this item
(0 votes)
Last modified on Thursday, 26 May 2016 10:29