May 12, 2024

18 වංගුවෙන් අබිරහස් කාන්තා මළසිරුරක් (PHOTOS)

අද (18) පස්වරුවේ මහියංගන මහනුවර A - 26 මාර්ගයේ 18 වංගුවෙහි 15 වැනි වංගුව අසල තිබී කාන්තා මළ සිරුරක් හමු වී තිබේ.

මියගොස් දින කිහිපයක් පැරණි බැවින් නරක් වී ඇති මෙම සිරුර කාගේ දැයි තවමත් හඳුණාගෙන නොමැත.

මහියංගන වැඩබලන මහේස්ත්‍රාත් එස් ගෝවින්ද මහතා මහේස්ත්‍රාත් පරික්ෂණය සදහා එම ස්ථානයට පැමිණි අතර මරණ පරික්ෂණය සදහා සිරුර මහනුවර මහරෝහලේ මෘතශරිරාගාරය වෙත යවන ලෙස නියෝග කරනු ලැබිය.

මෙය ඝාතනයක් විය හැකි බවත් ඝාතනයෙන් පසු සිරුර මෙම ස්ථානයට ගෙනවිත් දමන්නට ඇති බවටත් සිද්ධිය පිළිබඳ පරීක්ෂණ පවත්වන හසලක පොලිසිය සැක කරයි.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 18 May 2016 20:27