July 05, 2024

හැටන් - මහනුවර මාර්ගය ගිලාබසී (PHOTOS)

නාවලපිටිය, මීපිටිය ප්‍රදේශයේ දී හැටන් - මහනුවර ප්‍රධාන මාර්ගයේ කොටසක් ගිලා බැසිම හේතුවෙන් එම මාර්ගයේ ගමනාගමන කටයුතු අද (17) පස්වරු 2.00 සිට තාවකාලිකව නතර කළ බව නාවලපිටිය පොලීසිය සඳහන් කරයි.

එම මාර්ගයේ බස් රථවලින් ගමන් ගන්නා මගීන්ව මාර්ගය ගිලා බැස ඇති ස්ථානයේ දෙපස නතර කර ඇති බස් රථ වලට මාරුකරන බව වාර්තා වේ.

මාර්ගයේ පවතින අනතුරු සහගතභාවය නිසා විකල්ප මාර්ග වශයෙන් සැහැල්ලු වාහනවලට නාවලපිටිය දෙකිද මාර්ගය භාවිතා කරන ලෙස ද හැටන් ප්‍රදේශයට යන බර වාහනවලට නාවලපිටිය දිඹුල මාර්ගය භාවිතා කරන ලෙස ද පොලීසිය ජනතාව දැනුවත් කොට තිබේ. 

මේ වනවිට මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු මාර්ග සංවර්ධන අධිකාරිය මගින් ආරම්භ කර ඇතත් පවතින අයහපත් කාළගුණය හමුවේ එම මාර්ගය යථාතත්ත්වයට පත් කිරිමට දිගු කාලයක් ගතවන බව මාර්ග සංවර්ධන අධිකාරිය ප්‍රකාශ කරයි.

ඡායාරූප පහතින්.

හැටන් - රංජිත් රාජපක්ෂ 

Rate this item
(0 votes)
Last modified on Tuesday, 17 May 2016 16:54