May 12, 2024

පියා මැරූ දඹානේ පුතා

මහියංගනය දඹාන ප්‍රදේශයේදී පුතෙකු විසින් තියුණු ආයුධවලින් පහර දී සිය පියා ඝාතනය කර තිබේ.

අද (14) උදෑසන 7.30ට පමණ මෙම ඝාතනය සිදුව ඇති බව පොලීසිය සඳහන් කරයි.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 64 හැවිරිදි දඔාන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

ඔවුන් දෙදෙනා අතර ඇති වූ බහින්බස් වීමක් අතරතුර දී මෙම ඝාතනය සිදුවී ඇතැයි පොලීසිය සඳහන් කරයි.

ඝාතනය සම්බන්ධයෙන් සැකපිට 33 හැවිරිදි පුත්‍රයා අත්අඩංගුවට ගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් දඹාන පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Rate this item
(0 votes)
Last modified on Saturday, 14 May 2016 11:14