May 19, 2024

'කොටින්ට යුද සැමරුම් බෑ' (VIDEO)

කොටි සංවිධානයට සම්බන්ධ කිසිදු යුද සැමරුමකට ඉඩ නොදෙන බවත් එවැනි දෑ සිදුකරන පුද්ගලයන්ට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක කරන්න ලෙස ත්‍රිවිධ හමුදාවට සහ පොලීසියට දන්වා ඇති බවත් ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා ප්‍රකාශ කරයි.

ඒ මහතා මේ බව කියාසිටියේ ඊයේ (12) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි.

යහපාලන රජයේ පිරිසක් ඝාතනය කිරීමේ සූදානමක් පවතින බවට රජයේ කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පළ කළ කරුණු සම්බන්ධයෙන් මෙතෙක් බුද්ධි අංශවලට තොරතුරු වාර්තා වී නැති බව ද ඒ මහතා මෙහිදී මාධ්‍ය වෙත කියාසිටියේ ය.

මේ වසරේ රණවිරු සැමරුම මැයි 18 වැනිදා සවස 4.00ට බත්තරමුල්ල රණවිරු ස්මාරකය අසලදී පැවැත්වෙන බව සඳහන් කළ විජයවර්ධන මහතා පසුගිය වසරවල මෙන් හමුදා ප්‍රදර්ශනයක් නොපවත්වා ඒ සඳහා යන මුදල් රණවිරු සුබ සාධනයට යොදවන බව ද පැවසීය.

එම වීඩියෝව පහතින්.

Rate this item
(0 votes)
Last modified on Friday, 13 May 2016 15:57