July 05, 2024

පන්නිපිටිය මාරක අනතුරේ සංවේදී CCTV දර්ශන (VIDEO)

ඊයේ (05) පස්වරුවේ පන්නිපිටිය - බොරැල්ල මාර්ගයේ දෙපානම ප්‍රදේශයේ දී ත්‍රී රෝද රථයක් වේගය පාලනය කර ගැනීමට නොහැකිව ඉදිරියෙන් පැමිණි මෝටර් රථයක ගැටීමෙන් සිදුවූ අනතුරකින් ත්‍රී රෝද රථයේ හිමිකරු එම ස්ථානයේදීම මිය ගොස් තිබේ.

ත්‍රී රෝද රථයේ ගමන් කොට ඇත්තේ පියා සහ දියණිය වන අතර පිටුපස සිටි ඔහුගේ දියණිය සුළු තුවාල ලබා අනතුරින් දිවි ගලවා ගැනීමට සමත් වී ඇත.

මෙම අනතුරින් ජීවිතක්ෂයට පත්වී ඇත්තේ තලවතුගොඩ පදිංචිව සිටි 41හැවිරිදි දෙදරු පියෙකි.

එම අනතුර මාර්ගය අසළ වෙළඳසැලක තිබූ CCTV කැමරාවේ සටහන්ව තිබුනේ මේ ආකාරයෙනි. 

වීඩියෝව පහතින්.

Rate this item
(0 votes)
Last modified on Thursday, 05 May 2016 09:44