May 13, 2024

හෙරොයින් ගුලි 43ක් බඩේ

හෙරොයින් ගුලි 43ක් ගිල තම උදරයේ සඟවාගෙන ආ පාකිස්තානු ජාතිකයෙකු අත්අඩංගුවට ගැනීමට ගුවන් තොටුපළ මත්ද්‍රව්‍ය කාර්යංශ නිළධාරීන් සමත් වී තිබේ.

අද (30) උදෑසන දෝහා වල සිට කටාර් ගුවන් යානයකින් පැමිණි මොහු 54 හැවිරිදි පුද්ගලයෙක් බව වාර්තා වේ.

මේ වනවිට ඔහු මීගමුව මහ රෝහලට ඇතුළත් කොට ඇති අතර වෛද්‍යවරුන් ඔහුු විරේක කරවමින් අදාළ හෙරොයින් ගුලි පිටතට ගනිමින් සිටී.

මේ වනවිට හෙරොයින් ගුලි 22ක් පිටතට ගෙන ඇති බව වාර්තා වේ.

TKG කපිල - කටුනායක

Rate this item
(0 votes)
Last modified on Saturday, 30 April 2016 09:16