May 19, 2024

නිදහස් තැපෑල රාජකාරියෙන් බැහැර වෙයි

ජනතාවගේ අවශ්‍යතා ඉටු කිරීමේ පහසුව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබාදෙන නිදහස් තැපැල් සේවාව මෙවර මැතිවරණයට ඉදිරිපත්වන අපේක්ෂකයින්ගේ ප්‍රවර්ධන කටයුතු සඳහා බහුල ව යොදා ගන්නා බව පෙනී යන බව මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායම් පෙන්වා දෙති.

 ඉකුත් මැතිවරණවල දී එම තත්ත්වය දක්නට ලැබුණ බවත් මෙවර වැඩි වශයෙන් එය දක්නට ඇති බවත් ඔවුහු පෙන්වා දෙති.

විශේෂයෙන් තැපැල් ඡන්දය භාවිත කිරීමේ කාල සීමාව ළංවීමත් සමග එම තත්ත්වය වැඩි ව ඇතැයි ද නිරීක්ෂණ කණ්ඩායම් පවසති.

එබැවින් එම තත්ත්වය වළක්වාලීම සඳහා මැදිහත්වන ලෙස මැතිවරණ කොමාරිස්වරයාට පැමිණිලි කිරීමට ද එම සංවිධාන තීරණය කර ඇත.

ඒ තත්ත්වය පිළිබඳ පැෆරල් සංවිධානය මීට පෙර පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයාට ද ලිඛිත ව දැනුම් දී තිබේ.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 12 March 2014 11:33