May 13, 2024

කතක් දූෂණය කළ පොලිස් නිළධාරීන් දෙදෙනා රිමාන්ඩ්

කාත්තාන්කුඩි පොලිස් වසමට අයත් කර්බලාවේ කාන්තාවක් ලිංගික දූෂණයට ලක් කල බවට සැකපිට පොලිස් විමර්ශන නිළධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
 
ඒ අනුව පසුගිය (25) වන සඳුදා අත්අඩංගුවට ගත් නිලධාරීන් දෙදෙනා මැයි මස 10 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මඩකලපුව මහේස්ත්‍රාත් විනිසුරු කේ.ගනේෂරාජා මහතා නියෝග කළ බව වාර්තා වේ.‍
 
මෙම සැකකරුවන්ගෙන් එක් අයෙකු මඩකලපුව පොලිස් විමර්ශන නිලධාරියෙක් වන අතර අනෙක් පුද්ගලයා දෙහිවල පොලිස් විමර්ශන නිලධාරියෙක් බව සඳහන් වේ.
 
මොවුන් අදාළ කාන්තාව ත්‍රී රෝද රථයකින් කර්බලාව ප්‍රදේශයේ නිවසකට කැඳවාගෙන ගොස් දූෂණය කර තිබේ.
 
දූෂණයට ලක් වූ කාන්තාව 35 හැවිරිදි දෙදරු මවක් වන අතර ඇය ප්‍රතිකාර සඳහා කාත්තාන්කුඩි මූලික රෝහලට ඇතුලත් කිරීමේන් අනතුරුව මඩකලපුව ශීක්ෂණ රෝහලට මාරු කර යැවූ බව වාර්තා වේ.
 
කාත්තාන්කුඩි පොලීසිය විසින් මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.
 
ජවුෆර්කාන් - මඩකලපුව
Rate this item
(1 Vote)
Last modified on Wednesday, 27 April 2016 15:34