May 12, 2024

සිසුවියකට පහරදුන් භික්ෂුව

අලවතුගොඩ බිලාන ප්‍රදේශයේ පාසල් සිසුවියකට එම පාසලේ ගුරුවරයෙකු වූ භික්ෂූන් වහන්සේ නමක් දරුණු ලෙස පහර දී තිබේ.

තුවාල ලැබූ සිසුවිය මේ වනවිට අකුරණ රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලීසිය සඳහන් කරයි.

දැරියගේ පියා කියාසිටින්නේ අදාළ භික්ෂුන් වහන්සේ වෙත ලැබී ඇති නිර්ණාමික ලිපියක් පිළිබඳව ප්‍රශ්න කිරීමට විහාරස්ථානයට කැඳවා මෙම පහරදීම සිදුකර ඇති බවයි.

මෙලෙස පහර කෑමට ලක්ව ඇත්තේ අලවතුගොඩ ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක උසස් පෙළ හදාරන සිසුවියකි.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 27 April 2016 10:06