May 12, 2024

මන්ත්‍රීවරයෙකු එකම පවුලේ මවට, පියාට සහ දියණියට පහර දෙයි (VIDEO)

ප්‍රාදේශීය දේශපානඥයෙකුගේ පහර කෑමට ලක්වූ මාවනැල්ල ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු, ඔහුගේ බිරිඳ සහ 8හැවිරිදි දියණිය තුවාල ලැබීම හේතුවෙන් රෝහල් ගතකර ඇති බව වාර්තා වේ.

සැකකාර දේශපාලනඥයා ද මේ වනවිට රෝහල් ගත වී ඇති අතර ඔහු මාධ්‍යයට කියාසිටින්නේ අදාළ ව්‍යාපාරිකයා තමන්ට පහරදුන් බවයි.

තුවාල ලැබූ ව්‍යාපාරිකයා ඊයේ රාත්‍රී 9.30ට පමණ මාවනැල්ල නගරයේ වෙළඳසැලකින් භාණ්ඩ මිලදී ගෙන පිටතට පැමිණෙන අවස්ථාවේ අදාළ ප්‍රාදේශීය දේශපාලනඥයා තමන්ට පහරදුන් බව ව්‍යාපාරිකයා කියාසිටී.

ඒ අතර තුවාල ලැබූ සැමියා රෝහල් ගතකර නිවසට යමින් සිටි බිරිඳට සහ දරුවාට ද සැකකාර දේශපාලනඥයාගේ පිරිස පහර දී තිබේ.

මෙලෙස පහරදීම් සිදුකර ඇත්තේ සමසමාජ පක්ෂයේ මාවනැල්ල ආසන සංවිධායක චන්දන ජයසිංහ නැමැත්තා බව වාර්තා වේ.

වීඩියෝව පහතින්.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 26 April 2016 10:24