May 13, 2024

දිසා ලේකම්ගේ නිවසටත් හොරු පනී

කළුතර දිස්ත්‍රික් ලේකම්වරයාගේ නිවසට ඊයේ (24) රාත්‍රියේ කිසියම් පුද්ගලයෙකු ඇතුළු වී එහි තිබූ මුදල් සොරකම් කරගෙන ගොස් ඇති බව වාර්තා වේ.

දිස්ත්‍රික් ලේකම් කේ.ඩී.සී ජයලාල් මහතාගේ පානදුර පිහිටි නිවසට ඊයේ රාත්‍රියේ ඇතුළු වූ කිසියම් පුද්ගලයෙකු විසින් රුපියල් 7000ක මුදලක් මෙසේ සොරකම් කරගෙන ගොස් ඇති බව හොරණ පොලීසිය සඳහන් කරයි.

මේ සම්බන්ධව කිසිදු සැකකරුවෙකු මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති බව ද වාර්තා වේ.

මේ අතර මීට සතියකට පෙර කළුතර මහාධිකරණ විනිසුරුවරයාගේ නිවසට ඇතුළු වූ කිසියම් පිරිසක් රුපියල් ලක්ෂ 03කට අධික වටිනාකමකින් යුතු භාණ්ඩ ද සොරකම් කොට තිබුණි.

මෙම සිදුවීම සම්බන්ධයෙන් හොරණ පොලීසිය පරීක්ෂණ මෙහෙයවන අතර ඊට පොලිස් නිල සුනඛයින් ද යොදාගෙන ඇති බව වාර්තා වේ.

Rate this item
(1 Vote)
Last modified on Monday, 25 April 2016 16:59