May 12, 2024

සැකකරු පොලිසියේ කන හපා පලා යයි

මහියංගනය සේරාන ගම්මානයේ  නීතිවිරෝධී මත්පැන් ජාවාරාමක් වැටලීමට ගිය පොලිස් නිළධාරියෙකුගේ කණ සපා කෑ සැකකරු පලාගොස් ඇති බව මහියංගනය පොලීසිය සඳහන් කරයි.

සිද්ධියෙන් තුවාල ලැබු පොලිස් කොස්තාපල්වරයා මේ වනවිට මහියංගනය මූලික රෝහලේ ප්‍රතිකාර ලබන බව වාර්තා වේ. 

ඊයේ (22) රාත්‍රී 8.00 ට පමණ මහියංගනය පොලීසියේ නිලධාරින් 03ක් හා පොලිස් සහායකයෙක් මෙම වැටලීමට ගොස් ඇති අතර අදාළ සැකකරු පොලිස් නිළධාරීන්ගෙන් මිදී දිවයන අවස්ථාවේ තුවාල ලැබූ පොලිස් කොස්තාපල්වරයා සැකකරු ලුහුබැදගොස් අල්ලාගැනීමට දැරූ උත්සහයේදීජඔහු කොස්තාපල්වරයාගේ කන සපා කා පලාගොස් ඇතැයි පොලීසිය සඳහන් කරයි. 

අදාළ සැකකරු සොයා මහියංගනය පොලීසිය පරීක්ෂණ පවත්වයි. 

පාලිත ආරියවංශ - බදුල්ල 

 

 

Rate this item
(0 votes)