May 12, 2024

මකුණන්ට ලේ දන් දෙන දඹුලු රෝහල (PHOTOS) 

දඹුල්ල රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන් ඇඳ මකුණන් විසින් ලේ උරා බීම නිසා දැඩි අපහසුතාවයකට ලක්ව සිටින බව වාර්තා වේ.

මේ හේතුවෙන් රෝගීන් දිවා - රාත්‍රී නිදි වර්ජිතව සිටින අතර ඇවිද ගැනීමට නොහැකි රෝගීන් මෙන්ම අත්පා වලට ප්ලාස්ටර් දමා ඇති රෝගීන් විශාල වශයෙන් පිඩාවට ලක්ව සිටියි.

රෝහල් ඇඳන්වල මෙට්ටවල සහ ලෑලි අතර දහස් ගණන් මකුණන් සිටින බැවින් ඇතැම් රෝගීන් වාට්ටුවෙන් පිටතට ගොස් කොරිඩෝවේ හා බැමි මත නිදාගන්නා අයුරු දැකගත හැකිය.

මේ පිලිබඳව දඹුල්ල රෝහලේ වෛද්‍ය අධිකාරී දොස්තර ගාමිණී සේනානායක මහතාගෙන් කළ විමසීමේදී ඔහු කියාසිටියේ අවස්ථා කිහිපයකදීම මකුණු මර්ධනයට පියවර ගත් බවය.

වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා කියාසිටියේ රෝහල වසා දමා මේ කටයුත්ත කළ යුතුව ඇතත් දඹුල්ල වැනි රෝහලක් පැයක් කාලයක් හෝ වසා තැබීමට නොහැකි බවයි.

ඡායාරූප පහතින්.

 

දඹුල්ල - කාංචන කුමාර ආරියදාස

Rate this item
(0 votes)
Last modified on Friday, 22 April 2016 14:32