May 11, 2024

ආබාධිත සෙබළා කුඩු සමඟ දැලේ (PHOTOS)

ගලේවෙල වහකෝට්ටේ ප්‍රදේශයේ සුවිසල් නිවසක හෙරොයින් මත්කුඩු පැකට් කරමින් සිටි යුදහමුදා ආබාධිත සෙබලෙකු හා තවත් අයෙකු ඊයේ (21) පස්වරුවේ මත් කුඩු ග්‍රෑම් 14 ක් සමඟ සැකපිට ගලේවෙල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

එම කුඩු වල වටිනාකම රුපියල් ලක්ෂ 04ක් පමණ බව පොලිසිය සඳහන් කරයි.

අදාළ නිවසේ සොයානොගත් මත්කුඩු තවත් ඇති බවට පොලිසිය සැකපළ කරන අතර පොලිස් නිල සුනඛ සහය ඇතිව නිවස පරික්ෂා කිරීමට නියමිතව ඇත.

මේ වනවිට නිවසට පොලිස් ආරක්ෂාව යොදා ඇති බව සහකාර පොලිස් අධිකාරි ගාමිණී මිගහකුබුර මහතා ප්‍රකාශ කළේය.

ඡායාරූප පහතින්.

 

කාංචන කුමාර ආරියදාස - දඹුල්ල

Rate this item
(0 votes)