May 19, 2024

නාටාමිවරු උද්ඝෝෂණයක (PHOTOS)

තලවාකැලේ සහ ලිඳූල නගර සභාවේ නටාමිවරු අද (06) උදෑසන සිට තම දෛනික කටයුතු වලින් ඉවත් වී තලවාකැලේ නගර මධ්‍යයේ උද්ඝෝෂණයක් ආරම්භ කර තිබේ.

එම නාටාමිවරුන්ගේ සංගමයේ සභාපති කේ.ජි කරුණාරත්න මහතා සඳහන්කරන්නේ පිට පළාත් වල සිට තලවාකැලේ නගරයට පැමිණෙන ලොරි රථවල තිබෙන සියලූම භාණ්ඩ තොග සහ සිල්ලර වෙළඳසැල් වලට බෑම සිදුකරන්නේ තමන් බවත් ඒ සඳහා වෙළඳසැල් හිමියන් තමන්ට එක් කෑල්ලකට ලබාදෙන්න‍ේ රැපියල් 05.00 ක් වැනි සොචිචමි මුදලක් බවත් ය.

ඒ් අනුව ඔවුන් ඉල්ලාසිටින්නේ කිලෝ 50ක් බර මිටියක් ලොරි රථයේ සිට විශාල දුරක් රැගෙන යෑමට තමන්ට සිදුවන නිසා අවම වශයෙන් තමන් රැගෙන යන එක් භාණ්ඩයකට රැපියල් 10.00ක මුදලක් හෝ ලබා දෙන ලෙසයි.

තවද දුර ප්‍රමාණය අනුව කිලෝ 50ක මිටියක් රැගෙන යෑමට රැපියල් 20 සිට 25 මුදලක් ලබා දෙන ලෙස ද ඔවුන් ඉල්ලා සිටී.

මෙම ඉල්ලීම සම්බන්ධව මීට පෙර වෙළදසැල් හිමියන් කොතෙක් දැනුවත් කළ ද තමන්ට හිමිවියයුතු එම මුදල වැඩිකර දීමට කිසිදු ක්‍රියා මාර්ගයක් මෙතෙක් ගෙන නොමැති නිසා තමන් මෙම ක්‍රියා මාර්ගයට එළඹි බව උද්ඝෝෂකයින් කියාසිටියි.

මොවුන්ගේ වැඩ වර්ජනය නිසා තලවාකැලේ නගරයට පිටතින් පැමිණි ලොරි රථ කිහිපයක්ම එම ලොරි රථවල තිබෙන භාණ්ඩ වෙළඳසැල් වලට බාගැනිමට නොහැකිව දැඩි අපහසුතාවයට පත්ව ඇති අතර මේ සම්බන්ධව අදහස් දක්වන වෙළඳසැල් හිමියන් කියාසිටින්නේ තමන්ගේ ව්‍යාපාර කටයුතු වල ලාභ ප්‍රතිශතය ඉතා අඩුවී ඇති නිසා දැනට ගෙනව මුදලට වඩා වැඩි මුදලක් නටාමිවරුන්ට ගෙවිමෙන් එම මුදල ද පාරිභෝගිකයන්ගෙන් අයකර ගැනිමට සිදුවන බවයි.

ඡායාරූප පහතින්.

හැටන් - රංජිත් රාජපක්ෂ

Rate this item
(1 Vote)
Last modified on Wednesday, 06 April 2016 11:16