May 10, 2024

මහාපරිමාන කුඩු ජාවාරමේ තවත් සැකකරුවෙක් අල්ලයි

හෙරොයින් කිලෝ 110ක් සොයාගැනීමේ සිදුවීමට අදාළව ප්‍රධාන ශ්‍රී ලාංකික සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත් ව තිබේ.

අද (04) අලුයම අතඅඩංගුවට ගත් එම සැකකරු ශ්‍රී ලංකාව තුළ හෙරොයින් බෙදා හැරීමට සම්බන්ධ බව පොලීසිය සඳහන් කරයි.

ඔහු ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට පැමිණීමේ දී අත්අඩංගුවට ගෙන තිබේ. මොහොමඩ් මුවාස් මොහොමඩ් නැමැති සැකකරු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ රඳවාගෙන ප්‍රශ්න කරයි.

සිද්ධිය සම්බන්ධයෙන් විදේශිකයන් 14ක්ද අත්අඩංගුවට ගෙන තිබේ.

 

Rate this item
(0 votes)