ඉන්දියාවේ කල්කටා නුවර කඩාවැටුණු ගුවන් පාලම ඉදිකළ සමාගම මෙරට නිවාස ඉදිකිරීමේ ව්‍යාපෘතියක කොන්ත්‍රාත්කරුවකු බව හෙළිව තිබේ.
දැනට මෙරට තුළද ක්‍රියාත්මක වන එම සමාගම කොළඹ අඩු ආදායම්ලාභීන් වෙනුවෙන් නිවාස හාරදහසක් ඉදිකිරීමේ කොන්ත්‍රාත්තුවක් ලබාගෙන ඇත.
මෙම සමාගම මගින් මාලිගාවත්තේ නිවාස ව්‍යාපෘතියක් සිදුකරයි. කල්කටා නුවර ගුවන් පාලම කඩාවැටීමෙන් පසුව හයිද්‍රබාද්හි මූලස්‌ථානය පිහිටි මෙම සමාගමේ නිලධාරීන් පස්‌දෙනකු ඉන්දීය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
මෙම සිද්ධියෙන් පුද්ගලයෝ 24 දෙනෙක් මරණයට පත්වූහ.
(දිවයින)