වත්මන් ආණ්ඩුවේ අමාත්‍ය මණ්ඩලය පත් කිරීම නීතිවිරෝධී බව ප්‍රකාශ කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනු කර තිබේ.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් විරසේකර මහතා, විමලධර්ම අබේවික්‍රම ඇතුළු පිරිසක් විසින් පෙත්සම ගොනු කරමින් ඉල්ලා ඇත්තේ වත්මන් ආණ්ඩුව ජාතික ආණ්ඩුවක් නොවන බවට ප්‍රකාශ කරන ලෙසයි.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 දෙනා පෙත්සමේ වගඋත්තරකරුවන් කර තිබේ.
19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුව ජාතික ආණ්ඩුවක් ලෙස සලකන්නේ බහුතර බලය ලබාගන්නා පක්ෂය සමග අනෙකුත් සියලු පක්ෂ එකතු වී ස්ථාපිත කරන ආණ්ඩුවක් බව එම පෙත්සමේ සඳහන් කර තිබේ.
එහෙත් වත්මන් ආණ්ඩුව ජාතික ආණ්ඩුවක් නොවන බැවින් අමාත්‍ය මණ්ඩලය 30 දෙනෙකුගෙන් පමණක් සමන්විත විය යුතු බව පෙත්සම්කරුවන් පෙන්වා දෙයි.