ඒ අනුව ලිපි ලද පිරිස දරුවන් ද සවුත්ලන්ඩ් විද්‍යාලයේ නිල ඇඳුමින් සරසා ගෙන අනෙකුත් ලිපි ලේඛන ද රැගෙන නියමිත වෙලාවට සවුත්ලන්ඩ් විද්‍යාලයට ගිය විට ඔවුන්ට ඒවා තිබූ ලිපි විදුහල්පතිනිය භාර ගෙන ඒවා ඇය භාරයේ තබාගෙන ළමුන් පාසලට ඇතුළත් කර ගැනීමට නොහැකි බව දන්වා ඔවුන්ට පිට ව යාමට උපදෙස් දුන් බව දෙමාපියෝ පවසති.
එසේ ම අවශ්‍ය ලිපි ලේඛන ද නිල ඇඳුම් ද අන්දවා ගිය තම දරුවන් හා තමන් මෙම තත්ත්වය හේතුවෙන් ඉතාම අසරණ වූ බවත් තමන්ගේ මානව හිමිකම් උල්ලංඝණය වූ බවත් දෙමාපියෝ පවසති.
ඒ පිළිබඳ සවුත්ලන්ඩ් විද්‍යාලයේ විදුහල්පතිනි ශාන්ති සෙනවිරත්න මහත්මියගෙන් විමසීමේ දී ඇය මෙසේ කිය. "මට ස්ථාන මාරුවක් ලැබී තිබෙන්නේ එය ලැබීමට පෙර යවපු ලිපියකටයි මේ පිරිස ආවේ. දැන් මා හට අධ්‍යාපන අමාත්‍යංශයේ අනුමැතියකින් තොරව ළමුන් ඇතුළත් කර ගැනීමට නොහැකි නිසා ඒ බව දන්වා ඔවුන් ආපසු යැව්වා ඔය හැමෝගෙම ළමයි කොන්වට් එකට යනවා එපමණයි."
දෙමාපියකු වූ එම.ඒ.එම. සවුමර් මහතා, "මගේ දරුවා සවුත්ලන්ඩ් එකට දාන්න ඉන්ටවිව් ගියා. ලකුණු මදියි කියා ගන්න බෑ කියලා විදුහල්පති මැඩම් කිව්වා. මේ ලකුණු හදලා තිබුනෙත් වැරදියට මම පදිංචි කළුවැල්ලේ. ඒ තිබිය දී තමයි මේ ලිපිය ආවේ. කියපු විදියට ළමයා යුනිෆෝම් අන්දවා අනෙක් බඩුත් අරන් දී පාසලට ඇතුළත් කරන්න ගියා. එවිට එවපු ලියුම් මැඩම් අරගෙන අපට ආපසු යන්න කිව්වා. මේක අසාධාරණය බව අපි කිව්වා ඒත් ඒවා ගණන් ගත්තේ නෑ. මම නම් මගේ ලියුම ආපසු උදුරා ගත්තා. මේ ගැන මානව හිමිකම් නඩුවක් දානවා." යනුවෙන් සඳහන් කළේ ය.
දෙමාපියකු වූ එම්.ඒ.එම්. රියාස් මහතා, "අපට දරුවන් පාසල් ඇඳුම් අන්දවාගෙන අනෙක් බඩුත් අරන්දිල එන්න කියලා නිකම්ම එළවලා දැම්මා. මෙම ලොකු අසාධාරණයක්. අපි මුස්ලිම් ජාතිකයින් 06 දෙනකුට මේ අසාධාරණය වුනේ. අපි මේ පිළිබඳ මානවහිමිකම් යනවා. අපේ දරුවන්ගේ මානසික තත්ත්වයට මේක බල පානවා." යනුවෙන් පැවසී ය.
ගාල්ල - ලලිත් චාමින්ද