පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය, ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා මහතා මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා අතර හමුවක් අද (01) සවස 4.00ට මැතිවරණ කොම්ෂන් සභා කාර්යාලයේදී පැවැත්වීමට නියමිතය.
මෙම විශේෂ හමුවේදී පළාත් පාලන මැතිවරණය පිළිබඳ කරුණු සාකච්ඡා කිරීමට නියමිත බව වාර්තාවේ.
එම හමුවෙන් අනතුරුව අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා පළාත් පාලන මැතිවරණය පිළිබඳ විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට සූදානම් බව වාර්තා වේ.
මේ අතර අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා පසුගිය දා පැවති මාධ්‍ය හමුවකදී පැවසූවේ කොට්ඨාස සීමා නිර්ණ අභියාචනා විමර්ශන අවසන් වන තෙක් පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට නෛතික බලයක් නොමැති බවයි.
සීමා නිර්ණ අභියාචනා විමර්ශනය අවසන් කර නොමැති දිස්ත්‍රික්කවල අභියාචනා විමර්ශනයට පෙබරවාරි මස සිට තවත් මාස හයක කාලයක් අදාළ කමිටුවට ලබාදී ඇති අතර මෙම කාලසීමාව ලබාදී ඇත්තේ කොට්ඨාස සීමා නිර්ණය නිවැරදිව අවසන් කිරීමට ජනාධිපතිවරයා හා අගමැතිවරයා සමඟ කළ සාකච්ඡාවෙන් අනතුරුව බව ඇමතිවරයා සඳහන් කෙළේය.