May 19, 2024

විදුලිය අර්බුදය අපේ‍්‍රල් 15තෙක් 

විදුලි අර්බුදය තවමත් අවසන් වී නොමැති බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය සඳහන් කරයි.

අපේ‍්‍රල් මස 15 වැනි දා තෙක් එම තත්ත්වය පවතින බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා ප්‍රකාශ කළේ ය.

වර්ෂාව ඇදහැලීම පවතින ගැටලුවලට හොඳ විසඳුමක් බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසී ය. ගොවි ජනතාව වෙනුවෙන් ලබාදීමට ඇති ජලය, විදුලි උත්පාදනය සඳහා යොදා නොගන්නා බව ඔහු පෙන්වා දුන්නේ ය.

පෞද්ගලික අංශයෙන් විදුලිය මිල දී ගැනීමට ද විදුලිබල හා පුනර්ජනනීය බලශක්තිය අමාත්‍යාංශය තීරණය කර තිබේ. ඒ අනුව මෙගාවොට් 55 ක විදුලිබල ප‍්‍රමාණයක් මිල දී ගැනීමට නියමිත ව ඇතැයි වාර්තා වේ.

 

Rate this item
(0 votes)