May 19, 2024

'ජනාධිපති වියදම' අඩු කළ හැටි මෛත්‍රී කියයි

අවුරුද්දකට වැඩි කාලයක් ජනාධිපතිවරයා ලෙස කටයුතු කරද්දි මුල්‍ය විනය සහ මූල්‍ය කළමනාකරණය පිළිබඳ සිය වගකීම් නිසි ලෙස ඉටු කළ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරයි.

මේ වනවිට ජනාධිපති කාර්යාලයේ වියදම 60% කින් අඩු කිරීමට කටයුතු කර ඇති අතර විදේශ සංචාර සඳහා තමා කිසිවිටෙකත් පෞද්ගලික ගුවන්යානා ගෙන නොගිය බවත් සාමාන්‍ය මගී ගුවන් යානයකින් ඉතා සීමිත පිරිසක් සමග ඒ සඳහා සහභාගී වූ බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ ය.

ශී‍්‍ර ලංකන් ගුවන් සේවය විශාල අලාභයක් ලබා ඇත්තේ පසුගිය නායකයින් සිය හිතමිත‍්‍රාදීන් සමග විදේශ සංචාර සදහා වෙනම ගුවන් යානා රැගෙන ගොස් දින ගණන් එම රටවල ඒවා රඳවාගෙන සිටි නිසා බවත් ජනතා මුදල් විනාශ කරන එවන් කි‍්‍රයා තම පාලන කාලය තුළ අවසන් කර ඇති බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප‍්‍රකාශ කළේ මුදල් අමාත්‍යාංශයේ නව ගොඩනැගිලි සංකීර්ණය විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමිනි.

 

Rate this item
(1 Vote)
Last modified on Friday, 01 April 2016 08:54