May 10, 2024

සොයාගත් පුපුරණද්‍රව්‍ය කොළඹ අපරාධයකටදැයි සැකයක්

යාපනය චාවකච්චේරි ප්‍රදේශයෙන් සොයා ගැනුණු මරාගෙන මැරෙන ඇඳුම් කට්ටලය සහ පුපුරණද්‍රව්‍ය ඇතුළු සෙසු අවි ආයුධ කොළඹ ප්‍රදේශයේ කිසියම් අපරාධයක් සඳහා සූදානම් කළ ඒවාදැයි ඒකාබද්ධ විපක්ෂය සැක පළ කරයි.

අද (30) දින කොළඹ පැවති මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා කියාසිටියේ රජය මේ පිළිබඳ ඉතා විමසිල්ලෙන් සොයා බැලිය යුතු බවයි. 

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද පැවැත් වූ මාධ්‍ය හමුවේදී ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතා එයට ප්‍රතිචාර දක්වමින් කියාසිටියේ පසුගිය යුධ කාලසීමාවේදී ඒ ඒ තැන්වල දමා ගිය මෙවැනි දේවල් යළි හමුවෙන බවත් මේ නිසා ජාතික ආරක්ෂාවට මහා අවධානමක් මතුව ඇතැයි කීම ජී. එල් පීරිස් මහතාගේ අවබෝධය පිළිබඳව ඇති ගැටළුවක් බවත් ය.

මරාගෙන මැරෙන ඇඳුම් කට්ටලය සහ පුපුරණද්‍රව්‍ය ඇතුළු සෙසු අවි ආයුධ සොයා ගැනුණු නිවසේ සැකකරු පොලිසිය විසින් අද උදෑසන අත්අඩංගුවට ගත් අතර පොලීසිය කළ ප්‍රශ්න කිරීම් වලින් හෙළිව ඇත්තේ ඔහු හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයෙකු බවයි.

Rate this item
(1 Vote)
Last modified on Wednesday, 30 March 2016 17:17