May 12, 2024

අමෙරිකානු නාවික හමුදා ප්‍රධානියෙකු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී හමුවෙයි

අමෙරිකානු නාවික හමුදාවේ 07 වැනි නෞකා දියත් විධානයේ අණදෙන නිලධාරී වයිස් අද්මිරාල් අව්කොයින් මහතා සහ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී එයාර් චීෆ් මාෂල් කෝලිත ගුණතිලක මහතා අතර හමුවක් ඊයේ (28) ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලයේ දී සිදු විය.

එහි දී ද්විපාර්ශවික වශයෙන් වැදගත් කරුණු සාකච්ඡා වූ අතර එම හමුව සිහි ගැන්වීම පිණිස දෙපාර්ශවය අතර සමරු ඵලක හුවමාරුවක් ද සිදු විය.

අමෙරිකානු නාවික හමුදාවේ 07 වන නෞකා දියත් විධානයේ ධජ නෞකාව වන ,බ්ලූ රිජ්, යුද නෞකාව සුහද සංචාරයක් සඳහා 26 වැනිදා කොළඹ වරායට පැමිණි අතර, බ්ලූ රිජ්,  යුද නෞකාව ටොන් 19,200ක ධාරිතාවයකින් හා දහසකට වැඩි නැව් මුළුවකින් යුක්ත වේ. එය මාර්තු මස 31 වැනි දා ශ්‍රී ලංකාවෙන් පිටත් වෙයි. 

 

Rate this item
(0 votes)