May 12, 2024

'නිවාස හදනවට වඩා මට වැඩ තියෙනවා' - ප්‍රා.සභා ලේකම්වරිය ප්‍රශ්නය මගහරී (PHOTOS)

මාතලේ පල්ලේපොල ප්‍රාෙද්ශීය සභාවට අයත් බැකෝ යන්ත්‍රයක් පසුගිය 2015 වසරේ දෙසැම්බර් මස 15 වන දින පල්ලේපොල කොබ්බැවැහැර ප්‍රදේශයේ දී පෞද්ගලික රාජකාරියකට යමින් සිටියදී මාර්ගයේ පහළ තිබු නිවසක් මතට පෙරලුණු අතර එම නිවසේ සිටි කුඩා දරුවන් 03ක් සහ මවකගේ ජිවිත අනුනාවයෙන් බේරිණි.

එදින ප්‍රාෙද්ශීය සභාවේ ලේකම් යු.එච්.ආර්.කේ කපුකොටුව මහත්මිය පැමිණ අදාළ පවුලට කඩිනමින් නව නිවසක් සාදාදෙන බව පවසා එතෙක් තාවකාලිකව එම පිරිස නිවසට යාබද පුස්තකාල ගොඩනැගිල්ලේ පදිංචි කරවා ඇත.

නමුත් එදින සිට මේ දක්වා මාස 03කට අධික කාලයක් ගතවී ඇතත් මේ දක්වා ප්‍රාදේශීය සභාවෙන් නිවස සෑදීම කෙසේවෙතත් නිවස මතට කඩා වැටී ඇති බැකෝ යන්ත්‍රය ඉවත් කරගෙන නොමැති බව අලාභහානියට පත් නිවසේ හිමිකාරියවූ ශියානි පුෂ්පලතා දිසානායක මහත්මිය කියාසිටී.

මාධ්‍යවේදීන් මේ පිළිබඳව පල්ලේපොල ප්‍රාදේශීය සභාවේ ලේකම් යු.එච්.ආර්.කේ. කපුකොටුව මහත්මියගෙන් විමසූ විට ඇය ප්‍රකාශකර ඇත්තේ ' එම කාරණයට වඩා තමන්ට තවත් වැඩ ඇති බවය.'

ඡායාරූප පහතින්.

 

දඹුල්ල - කාංචන කුමාර ආරියදාස

Rate this item
(0 votes)
Last modified on Tuesday, 29 March 2016 13:18