May 11, 2024

අතුරුන්වූවන් ගැන සොයන ජනපති කොමිසම මුලතිව් හා මන්නාරමට

යුද්ධයෙන් අතුරුදහන් වූවන් ගැන සොයන ජනාධිපති කොමිසම මුලතිව් හා මන්නාරමේ යුද සමයේ දී අතුරුදහන් වූවන් පිළිබඳ සොයන ජනාධිපති කොමිසම මුලතිව් දිස්ත්‍රික්කයේ සහ මන්නාරම් දිස්ත්‍රික්කයන්හි වැසියන්ගේ පැමිණිළි විභාග කිරීම සිදු කරයි.

25, 26, 27 දිනයන්හි මුලතිව් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී අවසන් යුද්දයේ දී අතුරුදහන් වූවන්ගේ ඥාතීන්ගෙන් හා දෙමාපියන්ගේ සාක්ෂි විභාග කෙරුණු අතර ඉන් අනතුරුව 28,29 සහ 30 යන දිනයන්හි මන්නාරම් දිස්ත්‍රික්කයේ වැසියන්ගෙන් අතුරුදහන් වූවන් පිළිබඳ සාක්ෂි විමසීම සිදු කෙරිණි.

ඒ අනුව අද (29) දිනයේ දී අතුරුදහන් වූවන්ගේ කොමිසමේ සභාපති මැක්ස්වෙල් පරණගම මහතාගේ ප්‍රධානත්වයෙන් එහි සෙසු නිලධාරීන් විසින් මන්නාරම් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී අතුරුදහන් වූවන් පිළිබඳ සාක්ෂි විමසීම සිදු කරයි.

මේ අතර යුද්ධයේ දී අතුරුදහන් වූවන් වෙනුවෙන් මරණ සහතික ලබා දීම හා වන්දි මුදල් ලබා දීම පිළිබඳවද එහි දී සාක්ෂි ලබා දෙන වැසියන්ගෙන් විමසීමට ජනාධිපති කොමිසමේ නිලධාරීන්ගේ අවධානය යොමු ව ඇත.

වන්නි - රොමේෂ් මධුෂංඛ

Rate this item
(0 votes)