May 11, 2024

හැටන්වලින් තවත් මළ සිරුරක් (PHOTOS)

හැටන් සිට මහවැලි ගඟට ජලය ගලා බසින හැටන් ඔයේ ගල් තලාවක් මත තිබූ නාදුනන පිරිමි මළ සිරුරක් හැටන් පොලීසිය විසින් අද (29) සොයාගෙන තිබේ.

එම ඔයේ ෂැනන් වතුයාය ප්‍රදේශයේ දී මෙම සිරුර සොයා ගෙන ඇත.

එම ඔය අසල සේවය කිරීමට ගිය වතුකම්කරුවන් පිරිසක් එය දැක හැටන් පොලීසියට දැනුම්දීමෙන් අනතුරු ව පොලීසිය මගින් එම සිරුර සොයාගෙන තිබේ.

මෙතෙක් එම සිරුර හඳුනාගෙන නොමැති අතර ඒ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ හැටන් පොලීසිය විසින් සිදු කරයි.

හැටන් - රංජිත් රාජපක්ෂ

Rate this item
(0 votes)