May 10, 2024

නාඳුනන මළ සිරුරක් කෙසෙල්ගමු ඔයේ (PHOTOS)

කාසල්රි ජලාශයට ප්‍රධාන වශයෙන් ජලය සපයන කෙසෙල්ගමු ඔයේ පාවෙමින් තිබූ පිරිමි මළ සිරුරක් අද (28) පස්වරුවේදී පොලීසිය විසින් සොයාගත් බව වාර්තා වේ.

නොර්වුඩ් පොලිස් වසමට අයත් බගවන්තලාව මස්කෙළිය ප්‍රධාන මාර්ගයේ නොර්වුඩ් පාලම අසල කෙසෙල්ගමු ඔයේ තිබී මෙම මළ සිරුර සොයාගෙන තිබේ.

අදාළ සිරුර මෙතෙක් හදුනා ගෙන නොමැති අතර නෝර්වුඩ් පොලීසිය විසින් මේ සම්බන්ධව පරීක්ෂණ පවත්වයි.

ඡායාරූප පහතින්.

 

හැටන් - රංජිත් රාජපක්ෂ

Rate this item
(0 votes)
Last modified on Monday, 28 March 2016 17:34