May 10, 2024

දළදා මාලිගය අසළ අභිරහස් බිළිඳු මළ සිරුරක් (PHOTOS)

මහනුවර ශ්‍රී දළදා මාලිගයට නුදුරුව වැව රවුම මාර්ගයේ රතු බෝක්කුව අසල ඇල මාර්ගයක තිබී බිළිඳු මළ සිරුරක් හමු වූ බව වාර්තා වේ.

ඊයේ (27) උදෑසන එම ප්‍රදේශයේ ත්‍රීරෝද රථ රියදුරෙකු විසින් මෙම බිළිඳු මළ සිරුර දැක ඇති අතර ඔහු විසින් මාර්ගයේ රථ වාහන හැසිරවීමේ නිරතව සිටින පොලිස් නිළධාරියෙකු ඒ සම්බන්ධයෙන් දැනුවත් කොට තිබේ.

එක් දිනක් පමණ වයසැති මෙම බිළිඳා හොඳින් වැඩී සිටින බවත් එම මෘත දේහය අසල ලේ තැවරුණු රෙදි කැබලි කිහිපයක් ද වූ බවත් පොලීසිය සඳහන් කරයි.

අදාළ බිළිඳා ඝාතනය කොට මෙම ස්ථානයට ගෙනත් දැමුවා ද එසේත් නොමැති නම් පණ පිටින් සිටියදී මෙම ස්ථානයේ දමා ගියේ ද දෙමව්පියන් කව්රුන් ද යන්න  පිළිබඳව මහනුවර මූලස්ථාන පොලීසිය පරීක්ෂණ මෙහෙයවයි.

ඡායාරූප පහතින්.

මහනුවර - කමල් සුරවීර

Rate this item
(0 votes)
Last modified on Monday, 28 March 2016 12:41