May 18, 2024

බුද්ධි අංශයට ත්‍රස්ත ඇමතුමක් - කටුනායකට දැඩි රැකවල්

ජාත්‍යන්තර ත්‍රස්ත සංවිධානවලින් යැයි සැක‍කෙරෙන නිර්නාමික දුරකතන ඇමතුම් කිහිපයක් බුද්ධි අංශ සහ තවත් ආරක්ෂක අංශවලට ලැබී ඇතැයි ආරක්ෂක ලේකම් කරුණාසේන ‍හෙට්ටිආරච්චි මහතා පවසයි.

මේ හේතුව නිසා කටුනායක ගුවන්තොටුපොළ ආරක්ෂාව තර කිරීම සඳහා ත්‍රිවිධ හමුදාව සහ බුද්ධි අංශ යොදා සුවිශේෂී ආරක්ෂක වැඩපිළිවෙළක් ආරම්භ කර ඇතැයි ද දැනට රටේ ආරක්ෂාව සියයට තුන්සියයකටත් වඩා තහවුරු වී ඇති බව ද ආරක්ෂක ලේකම්වරයා වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

දුරකතන ඇමතුම් ලැබුණේ කාගෙන්ද යන්න සම්බන්ධවද හෙළිකර ගැනීම සඳහා පරීක්ෂණ සිදුවන බව පැවසේ.

මෙරටට පැමිණෙන සහ මෙරටින් පිට වන විවිධ ජාත්‍යන්තර ත්‍රස්ත සංවිධාන සාමාජිකයන් පිටුපස බුද්ධි අංශ ක්‍රියාකරන අතර එවැනි පුද්ගලයන් ගණනාවක් හඳුනාගෙන ඇති බව වාර්තා වේ.

Rate this item
(0 votes)