May 10, 2024

අභිරහස් ලෙස මරාදැමූ කතකගේ ඇට සැකිල්ලක් හමුවෙයි (PHOTOS)

කාසල්රි ජලාශයේ සිට විමලසුරේන්ද්‍ර ජලාශය දක්වා ජලය ගලා බසින හැටන් පොලිස් වසමට අයත් ලෙදන්ටි වතු යායේ ඉලුක් සහිත රක්‍ෂිතයක තිබි කාන්තාවකගේ බවට සැකකළ හැකි දිරාපත් වෙමින් පවතින ඇට සැකිල්ලක් අද (23) හමුවූ බව වාර්තා වේ.

එම රක්ෂිතයේ දර කැඩීමට ගිය වතුකම්කරුවෙකු මෙම ඇට සැකිල්ල දැක ඒ බව හැටන් පොලීසියට දැනුම් දී තිබේ.

මෙයට මාස කිහිපයකට පෙර මෙම රක්‍ෂිතය අවස්ථා දෙකකදි ගිණි තැබු බව ද වතු කම්කරුවන් ප්‍රකාශ කරයි. 

මෙතෙක් මෙම ඇට සැකිල්ල හදුනා ගෙන නොමැති අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් හැටන් පොලිසිය පරික්‍ෂණ මෙහෙයවයි.

ඡායාරූප පහතින්.

රංජිත් රාජපක්ෂ - හැටන්

Rate this item
(0 votes)
Last modified on Wednesday, 23 March 2016 12:42