May 10, 2024

සා.පෙළ අසමත් වූ දුකට සියදිවි නසාගනී

තමා අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අසමත්වූවායැයි පාසල් සිසුවෙකු සියදිවි හානි කරගෙන තිබේ.

මෙසේ මියගොස් ඇත්තේ පුස්සැල්ලාව, නායාපාන වත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි 16 හැවිරිදි පාසැල් සිසුවෙකි.

අදාළ සිසුවා තම නිවස තුළදී ගෙල වැලලාගෙන සියදිවි හානිකරගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය ප්‍රකාශ කරයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය වැඩිදුරටත් සඳහන්කළේ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අසමත් වීම නිසා ඇතිවූ සිත් තැවුලක් නිසා ඔහු සියදිවි හානි කරගෙන ඇති බවට පොලීසිය සිදුකළ විමර්ශනයේදී අනාවරණය වී ඇති බවයි. 

මේ වනවිට සිසුවාගේ මෘත ශරීරය වහුගුපිටිය රෝහලේ මෘත ශරීරාගාරයේ තබා ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණය අද (23) සිදුකිරීමට නියමිතය.

Rate this item
(0 votes)