May 13, 2024

STF නිලධාරියාගේ වැරදුනු අවි ගනුදෙනුව

පොලිස් විශේෂ කාර්ය බළකායේ සේවය කරන පොලිස් පරීක්ෂකවරයකු ඇතුළු සිව් දෙනෙක් සුඛෝපභෝගී මෝටර් රථයකින් ගිනි අවි රැගෙන බණ්ඩාරගමට පැමිණ සිටිය දී ඊයේ (15) අත්අඩංගුවට ගෙන තිබේ.

අමාත්‍යංශයක හිටපු ලේකම්වරයකුගේ ප්‍රධාන ආරක්ෂක නිලධරයා ලෙස ද අදාළ පොලිස් පරීක්ෂකවරයා කටයුතු කර ඇති අතර පානදුර කොට්ඨාසයේ නීති බල ගැන්වීමේ ඒකකය මගින් මෙම වැටලීම සිදු කොට ඇත.

අත්අඩංගුවට පත්වූවන් අතර යුද හමුදාවේ පළවැනි ගජබා ඒකකයේ හිටපු සෙබළෙක් හා විශේෂ කාර්ය බළකායේ වැඩ තහනමට ලක්වූ පොලිස් කොස්තාපල්වරයකු ද වන අතර ඔවුන් සතුව තිබූ පිස්තෝල උණ්ඩ 28ක් පොලිස් බාරයට ගෙන ඇත.

Rate this item
(0 votes)