May 19, 2024

ඉදිරි වසර පහක කාලය තුළ මෙරට තරුණ විරැකියාව සඳහා විසදුම්

අධ්‍යාපන ක්ෂේත්‍රයේ ඇතිවී තිබෙන නව පරිවර්තනයන් හේතුවෙන් ඉදිරි වසර පහක කාලය තුළ මෙරට තරුණ විරැකියාව සඳහා විසදුම් ලැබෙන බව රත්මලාන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සම සංවිධායක අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මොහාන් ලාල් ග්‍රේරු මහතා ප්‍රකාශ කරයි.

 

රටේත් සෑම පවුලකම අනාගතය දු දරුවන්ගේ අධ්‍යාපනය බවත් අධ්‍යාපනය කෙරෙහි කරන ආයෝජනය මත රටේ අනාගතය රදාපවතින බවත් අමාත්‍යවරයා පෙන්වා දෙයි. 

ඔහු මේ බව ප්‍රකාශ කර සිටියේ එලබෙන බස්නාහිර පලාත්  සභා මැතිවරණය සඳහා දෙහිවල රත්මලාන සහ මොරටුව මැතිවරණ කොට්ඨාශ මූලික කරමින් අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් රත්මලාන කොතලාවලපුර දුම්රිය ක්‍රීඩාංගනයේදී පැවති ජන රැළියට එක් වෙමිනි.

 

Rate this item
(0 votes)