May 13, 2024

නේවිකපිලගේ බිරිඳ සිරුර භාරගැනීම ප්‍රතික්ෂේප කරයි

දංකොටුව ජනශූන්‍ය ප්‍රදේශයක දී වෑන් රථයක්‌ තුළ පුළුස්‌සා ඝාතනයට ලක්‌ කළ "නේවි කපිල" නමැත්තාගේ සිරුර භාර ගැනීම ප්‍රතික්ෂේප කිරීමට ඔහුගේ බිරිඳ පියවර ගෙන තිබේ.

පශ්චාත් මරණ පරීක්‍ෂණයේ දී "නේවි කපිල" නමැත්තාගේ සිරුර ඇය විසින් හඳුනා ගෙන ඇති අතර මීගමුව දිසා රෝහලේ දී දංකොටුව පොලිසියට කට උත්තරයක්‌ ලබා දුන් ඇය සැමියාගේ සිරුර භාර ගැනීම ප්‍රතික්‍ෂේප කර ඇත.

තම පියා තවමත් ජීවතුන් අතර සිටින බව සිය දරුවන් තිදෙනා විශ්වාස කරන බවත් හේතුව මත සැමියාගේ සීල් තැබූ දේහය නිවසට ගෙන යැමට නොහැකි බවත් ඇය ප්‍රකාශ කර තිබේ.

Rate this item
(0 votes)