පසුගිය 02 වනදා මාලිගාවත්ත ප්‍රදේශයේදී බන්ධනාගාර බස් රථයකට වෙඩි තැබීමේ සිද්ධියට අදාළ CCTV දර්ශන පොලිසිය විසින් මාධ්‍ය වෙත නිකුත් කර තිබේ.
වෙඩි තැබීමට මොහොතකට පෙර අදාළ සැකකරුවන් ගමන‍්ගත් බවට සැකකෙරෙන කාර් රථය වෙඩි තැබූ ස්ථානය දෙසට ගමන් කරන අයුරු මෙම දර්ශන වළ ඇතුලත් වේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශයක කාර්යාලය සඳහන් කළේ මෙම රථය හඳුනාගැනීම සඳහා මහජනතාවගේ සහය අපේක්ෂා කරන බවය.
මෙම රථය පිළිබඳව තොරතුරක් ඇත්නම් 011 2662311 යන දුරකතන අංකයට හෝ 011 2685151 යන අංක මගින් ඊට අදාළ තොරතුරු ලබාදෙන ලෙස ද පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී.
CCTV දර්ශන ඇතුළත් එම වීඩියෝව පහතින්.