May 20, 2024

ඇඟළුම් සේවිකාවෝ කාන්තා දින සැමරුමට එක් වී 

කම්කරු ස්ත්‍රීන්ගේ සමාජ ගරුත්වය තහවරු කරනු යන තේමාව පෙරදැරි ව සිංහල දෙමළ හා මුස්ලිම් නිදහස් වෙළෙඳ කලාප හා ඇඟළුම් සේවිකාවෝ කටුනායක දී ජාත්‍යන්තර කාන්තා දිනය සැමරූහ.

කටුනායක, බියගම, කොග්ගල, ඒකල, ජාඇල, හැටන්, මන්නාරම, මඩකලපුව ආදී ප්‍රදේශවල කාන්තාවෝ එම රැලියට එක් වූහ. 

30 වසරක යුද්ධයෙන් අනතුරු ව ඇති වූ සාමය එක ම රැකියාවක නිරත කාන්තාවන්ට ජාති භේදයෙන් තොර ව එක් ව රැස්වීමේ අවස්ථාව උදාකර ඇතැයි කටුනායක පදිංචි නීලකාන්ති ගුනසේකර සඳහන් කළා ය. 

යුද්ධය පැවති සමයේ දමිල කාන්තාවක් ගමන් කළ ද සැකයෙන් බැලූ බවත් අද දිවයින පුරා දමිල කාන්තාවෝ කටුනායකට පැමිණ පෙලපාලි යමින් ලැබූ සාමය උපරිම ව බුක්ති විඳින බව ඇය කීවා ය. නිදහස් වෙළෙඳ කලාප හා පොදු සේවා සංගමයේ කාන්තා ඒකකය එම රැළිය සංවිධානය කරන ලදී.

ප්‍රසාද් කුමරසිරි 

Rate this item
(0 votes)