May 18, 2024

තම බිළිඳා දුම්රියෙන් විසිකරන්නට හැදූ මවක්

තම දරුවා දුම්රියෙන් ඉවත විසිකිරීමට උත්සාහ කළ කාන්තාවක් අත්අඩංගුවට ඊයේ (30) ගෙන තිබේ.

ඊයේ පස්වරු 1.20ට පමණ මෙම තම ගැහැණු දරුවා දුම්රියෙන් විසිකිරීමට තැත් කිරීමක් සම්බන්ධයෙන් මොරටුව දුම්රිය ස්ථානයේ නිලධාරීන් විසින් පොලීසියට දැනුම් දීමක් ලැබී ඇති අතර ඒ අනුව 28 හැවිරිදි අදාළ කාන්තාව අත්අඩංගුවට ගෙන ඇත.

ඇය මොරටුව ලුනාව ප්‍රදේශයේ පදිංචිකාරියක් බව පොලීසිය පැවසුවේය.

ඇය විසින් විසි කිරීමට තැත්කර ඇත්තේ මාස 5ක් පමණ වයසැති දරුවෙකු වන අතර එම දරුවා ද පොලිස් භාරයට ගෙන තිබේ.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ එම කාන්තාව බීමත්ව සිට ඇති බව ද වාර්තා වෙයි.

Rate this item
(1 Vote)