June 18, 2024

කුඩා ගුවන් යානයක් කඩා වැටෙයි - 10ක් මරුට (PHOTOS)

December 22, 2015

දිල්ලි ගුවන්තොටුපොළ ආසන්නයේදී කුඩා ගුවන් යානයක් කඩා වැටීමෙන් පුද්ගලයින් එහි ගමන් කරමින් සිට පුද්ගලයින් 10 දෙනො ම ජීවිතක්ෂයට පත්ව ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

දේශ සීමා ආරක්ෂක බලකායට අයත් අදාළ ගුවන් යානය ගුවන් තොටුපොළ අසල තාප්පයක් ගැටීමෙන් පසු එය පුපුරා ගොස් ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා පවසයි.

අද (22) උදෑසන අනතුර සිදුවන අවස්ථාවේ දේශ සීමා ආරක්ෂක නිලධාරීන් තිදෙනෙකු සහ කාර්මික ශිල්පීන් 10 දෙනෙකු යානයේ ගමන් කරමින් සිට ඇත.

ඉන්දියාවේ මෙවැනි කුඩා ගුවන් යානා භාවිත කරනු ලබන්නේ, ඉහළ පෙළේ නිලධාරීන් සහ අමාත්‍යවරුන්ගේ ප්‍රවාහනය සඳහා ය.

අදාළ යානය මෙම අනතුරට මුහුණ දී ඇත්තේ, රාංචිහි හෙලිකොප්ටර් යානයක් නඩත්තු කිරීම සඳහා අදාළ කාර්මික ශිල්පීන් රැගෙන යමින් සිටියදී ය.

 

Rate this item
(0 votes)
Last modified on Tuesday, 22 December 2015 12:45