May 19, 2024

දැන්වීම්වලට අනවසරයෙන් පොලිස් ඇඳුම් ගත්තොත් දඬුවම්

December 03, 2015

අවසරයකින් තොරව පොලිස් නිල ඇඳුම් වෙළෙඳ දැන්වීම් ඇතුළු දැන්වීම් කටයුතු සඳහා භාවිත කළහොත් එයට එරෙහිව පොලිස් ආඥාපනත යටතේ නීතිය මගින් කටයුතු කරන බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

මේ ආකාරයට පොලිස් නිල ඇඳුම් නීති විරෝධී ආකාරයට භාවිත කර වෙළෙඳ දැන්වීමක් සකස් කළ සමාගමකට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙසට ඊයේ (02) පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කොටුව පොලිසීයට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

Rate this item
(0 votes)